30.5 C
Galle

කටුනායකට ආ ගුවන් යානා මත්තලට යොමුකරයි

Published:

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්, කටුනායක ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමට නොහැකි වූ යානා දෙකක් මත්තල ගුවන්තොටුපොළට යොමුකර තිබේ.

ඊයේ (04) රාත්‍රී කටුනායක ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් හටගැනීම හේතුවෙන් එලෙස සිදුකර ඇත. ඕස්ට්‍රේලියාවේ මල්බර්න් සිට පැමිණි යානයක් ඊයේ (04) රාත්‍රී 11.35 ට පමණ මත්තලට යවා ඇති අතර එහි මගීන් 297ක් සහ කාර්ය මණ්ඩලය 15 දෙනකු සිටි බව වාර්තා වේ.

මාලේ සිට අද (05) අලුයම 12.02ට පමණ පැමිණි යානයක් ද මත්තල ගුවන්තොටුපොළට යොමුකර තිබේ.

මේ යානාවල සිටි මගීන් සහ කාර්ය මණ්ඩල බස් රථ මගින් කටුනායක ගුවන්තොටුපොළට ගෙන ඒමට පියවර ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!