30.5 C
Galle

බුදු පිළිමයක් අසළ බිළිඳා දමා පළාගිය මව අත්අඩංගුවට

Published:

වත්තේගම, ඇලකඩුව මාර්ගයේ මලියදේව ලෙන් විහාරය ඉදිරිපිට බුදු පිළිමයක් යටින් බිළිඳු දරුවකු තබා පලාගිය බවට සැකපිට මවක අත්අඩංගුවට ගත් බව වත්තේගම පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාතලේ උකුවෙල පදිචං 38 හැවිරිදි විවාහක කාන්තවකි. ඇය පොලිසියට පවසා ඇත්තේ තමන්ට මෙම බිළිඳාට වැඩිමල් දරු දෙදෙනකු සිටින බවයි. එම දරුවාගේ පීතෘත්වය පියා විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙලෙස දමාගිය බව ඇය පොලිසියට පවසා ඇත.

අතහැර දමා ගිය දරුවාගේ වයස දින පහකි. දරුවා වත්තේගම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලේ ළදරු ඒකකයට ඇතුළත් කිරීමට කටයුතු කර තිබිණි.

පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!