30.5 C
Galle

ආණ්ඩුකාරවරු තිදෙනකුට ඉල්ලා අස්වන්න යැයි කියයි

Published:

පළාත් ආණ්ඩුකාවරු තිදෙනකුට ඉල්ලා අස්වන්න යැයි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම් දීමක් කර තිබේ.

උතුර, සබරගමුව හා නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන්ට මෙම දැනුම් දීම කර ඇත.

ජනාධිපතිවරයකු පත් වූ විට හිටපු ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ආණ්ඩුකාරවරු ඉවත්වීම සම්ප්‍රදාය වුව ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු නව ආණ්ඩුකාරවරු පත්කළේ නැත. හිටපු ආණ්ඩුකාරවරුම සිය ධූරයන්හි කටයුතු කරගෙන යන ලදී.

එබැවින් ඔවුන්ට එම ධූරවලින් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!