30 C
Galle

ඥාති අක්කයි, මල්ලියි දිය වළකට බිලි වෙයි

Published:

පදියපැලැල්ලේ, ඉඩම්පිටිය, වඩුවාවල දියවළේ නෑමට ගිය ඥාති අක්කා සහ මල්ලී දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇතතේ මතුරට, කැටයාපතන පදිංචි අයේෂ් ඉඳුවර බැමිණිමුල්ල නමැති 12 හැවිරිදි පාසල් සිසුවකු සහ දසුනි ප්‍රියංගිකා තත්සරණි නමැති 13 හැවිරිදි පාසල් ශිෂයාවකි.

සමීප ඥාතීන් වන මේ දෙදෙනා දිය නාමින් සිටිය දී අක්කා දියේ ගිලෙන බව දැක ඇය බේරාගැනීමට මල්ලී ද දියට පැන ඇත. දෙදෙනාම දියේ ගසාගෙන ගොස් ඇති අතර සිසුවියගේ ගොඩට ගෙන රිකිල්ලගස්කඩ මූලික රෝහලට රැගෙන යනවිටත් මියගොස් සිටි බව පොලිසිය කියයි. සොහොයුරා අතුරුදන්ව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!