30 C
Galle

මවගේ දිවි බේරා, පුතාත් පෙම්වතියත් දියයට සැඟවෙයි

Published:

වේයන්ගොඩ, මැදවත්ත ප්‍රදේශයේ දී, දී ඇල් ඔයේ දිය නාමින් සිටිය දී ඊයේ (07) සවස ගසාගෙන ගිය සිය මව බේරාගැනීමට ජලයට පැන්න පුතාත් ඔහුගේ පෙම්වතියත් අතුරුදන්ව ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි.

තම නිවස අසළ දී ඇල් ඔයේ දිය නාමින් සිටිය දී ගසාගෙන ගිය, මවගේ ජීවිතය බේරාගැනීමට පුතා සමත්ව ඇතත් ඔහුටත් පෙම්වතියටත් සැඩ පහරින් බේරීමට හැකි වී නැත.

මව බේරාගැනීමට දිය පහර සමඟ පොර බදා නැවත ගොඩබිමට පැමිණීමට නොහැකි වූ තම පෙම්වතා බේරාගැනීම සදහා පෙම්වතිය ද දියට පැන ඇත. දෙදෙනාම සැඩපහරේ ගසාගෙන ගොස් අතුරුදන්ව සිටිති.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 19ක් වූ ඩිලාන් මධුශංක සහ ඔහුගේ පෙම්වතිය බව කියන ඉමල්කා මධුවන්ති විමලරත්න නමැති 19 හැවිරිදි තරුණියකි.

පොලිසිය ප්‍රදේශවාසීන් සහ නාවික හමුදා කිමිඳුම්කරුවන් සිරුරු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත

Related articles

spot_img
error: Content is protected !!