27 C
Galle

කළුතර සිසුවියගේ මරණය සම්බන්ධ ප්‍රධාන සැකකරුට, විවාහ දෙකක් ?

Published:

කළුතර හෝටලයකින් වැටී මියගිය පාසල් සිසුවියගේ මරණය සම්බන්ධ ප්‍රධාන සැකකරු හික්කඩුව ප්‍රදේශයේ සැඟවී සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ඉසුරු උයන පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි. ‍පොලිසිය පවසන්නේ එම සැකකරු කාන්තාවන් දෙදෙනකු විවාහ කරගෙන සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

සැකකරු සැඟවී සිටින ස්ථානය සම්බන්ධයෙන් කළුතර මූලස්ථාන පොලිසියට ලැබුණු තොරතුරක් මත අද (09) අලුයම ඔහු අත්අඩංගුවට ගනු ලැබිණි.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට කටයුතු කරන බව පොලිසිය කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!