28.3 C
Galle

දික්කසාද සැමියාගේ සහකාරිය ඝාතනය කළ කාන්තාව ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට

Published:

තම දික්කසාද සැමියා සමඟ ජීවත් වූ කාන්තාවක ඝාතනය කර පළා යමින් සිටි කාන්තවක සහ ඇගේ සහෝරයා ප්‍ර‍දේශවාසීන්ගේ සහය ඇති අද (09) අත්අඩංගුවට ගත් බව මීගොඩ ‍ොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ වලස්මුල්ල, කටුවන, අළුපොත්දෙණිය පදිංචිය ඇති 52 හැවිරිදි වැන්දඹු කාන්තාවකි. ඇය මිතුරු වී සිටි පුද්ගලයකු සමඟ පාදුක්ක, වටරැක, ගම්මාන පාර ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටියාය. ඇය සමඟ ජීවත් වූ පිරිමි පුද්ගලයා පෙදරේරුවෙකි. ඔහු කලින් විවාහ වී දික්කසාද වී සිටි අයකු බව ද පොලිසිය කියයි.

ඔහුගේ දික්කසාද බිරිඳ මේ ඝාතනය සිදුකර ඇති අතර ඇය සමඟ ඇයගේ බාල සහෝදරයා ද අත්අඩංගුවට ගත් බව පොලිසය පසයි.

අද (09) උදෑසන එම නිවසේ පදිංචි පෙදරේරුවා සිය වෘත්තිය සඳහා පිටත්ව යාමෙන් පසු නිවසට පැමිණි සැකකාරිය සහ සැකකරු එහි සිටි කාන්තාවගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය සිදුකර ඇතැයි ද අනාවරණය වෙයි.

මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දහවල් සිදුකිරීමට නියමිතව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!