27.7 C
Galle

ගුටි කෑ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට, උප නගරාධිපතිත් අත්අඩංගුවේ බව පොලිසිය කියයි

Published:

කඩුවෙල මහ නගර සභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල දෙදෙනාම පොලිස් අත්අඩංගුවේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

තලංගම පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, තලංගම, කොස්වත්ත සමගි මාවත ප්‍රදෙශයේ දී ඊයේ (10) සිදුකළ පහරදීමක් හේතුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු තුවාල ලබා රෝහල්ගතව සිටින බවට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන සිදුකළ බවයිි.

හිටපු උප නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් පැමිණ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාගේ වාහනයේ වීදුරුවලට පහර දී එය කඩා ඔහු රථයෙන් එළියට ඇද පහර දෙන බව සඳහන් වීඩියෝ පවා අන්තර්ජාලයේ මුදාහැර තිබිණි. නමුත් පොලිසිය විසින් පහරදුන් උප නගරාධිපතිවරයා සහ පහරකෑමට ලක්වූ පුද්ගලයා යන දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇත.

තුවාල ලැබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේශල කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමිින් සිටියි. පොලිසිය පවසන්නේ හිටපු උප නගරාධිපතිවරයා ද පහර කෑමට ලක්වූ බවට පැමිණිල්ලක් ලැබී තිබෙන බවයි. ඔහු මුල්ලේරියාව රෝහලට ඇතුළත්ව ඇත.

පොලිසිය සඳහන් කරන්නේ දෙදෙනා ම අත්අඩංගුවට ගත් බවයි. තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles

Recent articles

error: Content is protected !!