ශ්‍රී ලංකාවේ ඉඩම් සම්බන්ධයෙන් ඇති අණ පනත් කාලීන අවශ්‍යතාවට ගැලපෙන ආකාරයෙන් සංශෝධනය කරන්න යැයි ජනාධිපිත රනිල් වික්‍රමසිංහ විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඒ සඳහා සුදුසු ප්‍රවීණයන්ගෙන් කමිටුවක් පත්කිරීමට ද යෝජිතය.
ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපපති ලේකම් කාර්යාලයේ දී පැවැති ඉඩම් කළමනාකරණ ආයතනයන්හි අණ පනත් ප්‍රතිපාදන සංශෝධනය හා නව රෙගුලාසි ඇතුළත් කිරීම පිළිබඳ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇත.
ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තවමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ යටත් විජිත පාලන කාලයේ පැවැති ඉඩම් නීතිය බවයි.


