28.3 C
Galle

මී ගවයන් පැටවූ ලොරියකට වෙඩි. අයෙක් මරුට

Published:

අනවසරයෙන් ගවයන් පටවාගෙන යමින් සිටි ලොරියකට අද (11) අලුයම වෙඩි තැබීමේ දී එහි සිටි එක් පුද්ගලයකු මියගොස් ඇතැයි වීරකැටිය පොලිසිය කියයි.

මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ තෝරකොළයාය ප්‍රදේශයේ දී ය. ඇඹිලිපිටියේ සිට මී ගවයන් කහිප දෙනකු පටවාගෙන ඔවුන් මරා මස්කිරීම සඳහා රැගෙන යමින් තිබූ ලොරියේ සිටි තවත් අයකු තුවාල ලබා සිටියි.

මියගිය පුද්ගලයා වීරකැටිය, හිඟුරුමුලන, බුදුගේයාය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සිවුදරු පියෙකි. ඔහු දෛනික කුලිය සඳහා හොර හරක් පැටවීමේ කාර්යයට සහභාගීවන පුද්ගලයකු බව ද වාර්තා වෙයි.

ඔහුට වෙඩි වැදී තිබිය දී ලොරිය පළාගොස් ඇති අතර උදරයට වෙඩි වැදී සිටි එම පුද්ගලයා වීරකැටිය යක්ගස්මුල්ල පදිංචිකරුවන් දෙදෙනකු විසින් වීරකැටිය පොලිසියට ඇතුළත් කර තිබිණි. රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඒ වනවිටත් පුද්ගලයා මියගොස් සිටි බවයි.

මළ සිරුර රෝහලට රැගෙන ආ පුද්ගලයන් දෙදෙනා ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!