28.3 C
Galle

ගුටි කෑ ප්‍රියත් මුදාහැරීමට, ලක්ෂ 50ක ශරීර ඇප

Published:

කඩුවෙල මහ නගර සභාවේ හිටපු උප නගරාධිපතිවරයාගේ පහර දීමට ලක්ව රෝහලගතව ප්‍රතිකාර ලබමින් සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ප්‍රියත් නිකේශල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට කරුණු වාර්තා කිරීම හේතුවෙන් ඔහු පරීක්ෂා කළ මහේස්ත්‍රාත්වරයා අද (11) ඇප නියම කළේය.

ඒ අනුව රුපියල් ලක්ෂ 25 බැගින් ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත් සංජය ධනුෂ්ක නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කරන ලද්දේ කොළඹ ජාතික රෝහලට ගොස් ප්‍රියත් නිකේශල පරීක්ෂාකර බැලීමෙන් අනතුරුවය.

ඔහු වෙනුවෙන්  නීතිඥවරුන් වන ජයන්ත දෙහිඅත්තලේ සහ තනුක නන්දසිරි යන අය පෙනී සිටින ලදී

Related articles

spot_img
error: Content is protected !!