30.2 C
Galle

ගම්පොළ අතුරුදන් තරුණියත් ඝාතනය කරලා

Published:

ගම්පොළ දී පසුගිය 07 වැනි දා සිට අතුරුදන්ව සිටි වයස අවුරුදු 22ක තරුණිය, ඝාතනයට ලක්ව ඇති බවට අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.

එම තරුණිය අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය විසින් පුද්ගලයන් තිදෙනකු සම්බන්ධයෙන් සැකකර තිබූ අතර එක් අයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ඔහු පවසා ඇත්තේ එම තරුණිය ඝාතනය කර වළදැමූ බවයි.

නමුත් තරුණියගේ මළ සිරුර මෙතෙක් හමු වී නැත. මෙම ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සිරුර ගොඩගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ බව කියන තරුණිය තම නිවසේ සිට සේවා ස්ථානයට 07 වැනි දා උදෑසන ගමන් කරමින් සිටිය දී එළුවන්ට කෑමට දීම සඳහා තණකොළ කැපීමට ගිය මේ තරුණයා ඇය දැක තිබේ. ඔහු එම තරුණියට අතවර කිරීම උත්සාහ ගත් බවත් තරුණිය එය ප්‍රතික්ෂේප කළ විට ඒ ආසන්නයේ ම කැලෑබද ප්‍රදේශයක දී ඇය ඝාතනය කළ බවත් තරුණයා ප්‍රකාශ කළේ යැයි පොලිසිය සඳහන් කරයි.

එම තරුණයා 24 හැවිරිදි තරුණියගේ නිවස ආසන්නයේ ම පදිංචිකරුවෙකි.

Related articles

Recent articles

error: Content is protected !!