28.3 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 10,740ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 785ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 22ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,927ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 165
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 74
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 68

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (R) කොටස් මිලියන 41
  • එස්එන්බී ලීසිං සමාගම රුපියල් මිලියන 24
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • රේඩියන් ජෙම්ස් සමාගම 24%
  • හැටන් වැවිලි සමාගම  12%
  • තලවාකැලේ වැවිලි  සමාගම 07%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 294
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 191
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 175

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 36ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 74ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 38ක මුදලක් කොටස් වෙළෙඳ  පොළින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • මෙල්ස්ටාකොප් සමාගම රුපියල් මිලියන 13
  • ඩයලොග් ආසියාටා සමාගම  රුපියල් මිලියන 09
  • ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 04

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හැටන් නැෂනල්  බැංකුව රුපියල් මිලියන 59
  • හේලීස් සමාගම රුපියල් මිලියන 10
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!