28.3 C
Galle

අතුරුදන්ව සිටි ෆාතිමාගේ මළ සිරුර ඥාතීන් හදුනාගනී

Published:

අතුරුදන්ව සිටි ෆාතිමා මුනව්වර් නමැති 22 හැවිරිදි තරුණියගේ මළ සිරුර අද (13) දහවල් ගොඩගත් අවස්ථාවේ දී ඥාතීන් විසින් හඳුනාගත් බව පොලිසිය පවසයි.

ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ දී දින කිහිපයකට පෙර අතුරුදන් වූ ෆාතිමා මුනව්වර් ඝාතනය කර වළ දැමූ බව ප්‍රදේශයෙ පදිංචි එක්දරු පියකු විසින් පොලිසියට පාපොච්ඡාරණය කිරීමෙන් අනතුරුව ඔහු විසින් පෙන්වා සිටි ස්ථානයේ තිබී මළ සිරුර අද ගොගනු ලැබීය.

ගම්පොළ ප්‍රදේශයේ ෆාමසියක සේවය කළ ෆාතිමා උදෑසන සිය රැකියා ස්ථානයට යද්දී ඇය දුටු එම පුද්ගලයා ඇයට අතවර කිරීමට තැත්කළ අවස්ථාවේ දී ඊට එරෙහිවීම නිසා ඝාතනය කළ බව ඔහු පොලිසියට පවසා තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!