28.3 C
Galle

යතුරුපැදි අනතුරකින් තරුණියක් මරුට

Published:

අතුරුගිරිය පෝරේ හන්දියේ දී සිදුවූ අනතුරකින් 22හැවිරිදි තරුණියක මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම හබරකඩ බෝධිරාජ මාවතේ පදිංචි සචිනි යශෝධරා නමැති 22 හැවිරිදි අවිවාහක තරුණියකි.

ඇය තම නිවසේ සිට යතුරුපැදියකින් මාළඹේ දෙසට යමින් සිටිය දී මේ අනතුරට ලක්ව ඇත. පොලිසිය පවසන්නේ අතුරු පාරක සිට ප්‍රධාන පාරට පැමිණි කැබ් රථයක ඇගේ යතුරුපැදිය ගැටී ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වූ කාරයක ද ගැටී ඇති බවයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ ඇය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව ‍වෛද්‍යවරු කියති.

Related articles

spot_img
error: Content is protected !!