28.9 C
Galle

ගිලෙමින් තිබූ යාත්‍රාවේ ධීවරයන් ‍බේරාගනී

Published:

බේරුවල ආසන්න මුහුදේ අනතුරට පත්ව ගිලෙමින් තිබූ යාත්‍රාවක සිටි ධීවරයන් 06 දෙනකු බේරාගත් බව නාවික හමුදාව පවසයි.

මෙලෙස අනතුරට ලක්ව අත්තේ පසුගිය 12 වැනි දා ධීවරයන් 06 දෙනකු රැගෙන මීගමුවෙන් පිටත් වූ යාත්‍රාවකි. ඊයේ (13) අලුයම එම යාත්‍රාව අනතුරට ලක්ව ඇත. ඒ බව යාත්‍රාවේ හිමිකරු විසින්  නාවික හමුදා මූලස්ථානයට දැනුම් දී තිබිණි.  

බේරුවලට බටහිර මුහුදේ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් යාත්‍රාවට ජලය කාන්ද වී ඇතැයි ද බේරාගත් ධීවරයන් ආරක්ෂිතව ගොඩබිමට රැගෙන එමින් සිටින බව ද වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!