28.9 C
Galle

දියවළේ තිබී හමුවූ මළ සිරුරු දෙකට ම විදුලි සැර වැදිලා

Published:

මිනුවන්ගොඩ, වල්පාළුව ප්‍රදේශයේ වතුර පිරි වළක තිබී හමු වූ මළ සිරුරු දෙක සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනාම මියගොස් ඇත්තේ විදුලිසැර වැදීමෙන් බවයි.

ඒ අනුව පොලිසිය සිදුකරන ලද විමර්ශනවල දී අනවසර විදුලි රැහැන් අදින පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

එම තැනැත්තා එම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකි. ඔහු තම ඉඩම වටා අනවසර විදුලි රැහැන් අදින බව අනාවරණ්‍ය වී ඇත.

පොලිසිය සැකකරන්නේ සැකකරු විසින් අදින ලද විදුලි රැහැන්වල පැටලී එම පුද්ගලයන් දෙදෙනා මියයන්නට ඇති බවයි. පසුව ඔහු එම මළ සිරුරු දෙක වතුර පිරි වළට ගෙනවිත් දමන්නට ඇතැයි ද පොලිසිය සැකකරයි.

අත්අඩංගුවට ගත් සැකකරු අනවසර විදුලිරැහැන් ඇද පුද්ගලයන් දෙදෙනකු මරණයට පත්කිරීම සහ එසේ මියගිය අයගේ මෘත දේහයන් සැගවීම යන කරුණු මත  වාරියපොල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය කීවේය.

Related articles

spot_img
error: Content is protected !!