28.9 C
Galle

අයහපත් කාලගුණය නිසා දකුණේ පාසල් කිහිපයක් වසා දමයි

Published:

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හෙට (15) දිනයෙය් මොරවක සහ කොටපොළ අධ්‍යාපන කලාපවල සියලු පාසල් නොපැවැත්වෙන බව එම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු කියති.

මේ අතර මුලටියන අධ්‍යාපන කලාපයේ දෙයියන්දර ජාතික පාසල, දෙයියන්දර ප්‍රාථමික විද්‍යාලය, මාකඳුර ප්‍රාථමික විද්‍යාලය, මාකඳුර මධ්‍ය මහා විද්‍යාලය, සීනිපැල්ල ප්‍රාථමික විද්‍යාලය, මීපාවිට ප්‍රාථමික විද්‍යාලය, කොරඹුරුවාන මහා විද්‍යාලය සහ කැටියපේ උතුර ප්‍රාථමික විද්‍යාලය යන පාසල් ද වසා තබන බව මුලටියන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම් දෙයි.

Related articles

spot_img
error: Content is protected !!