28.9 C
Galle

පල්ලේගම පාසලේ සිසුන් 300ක් ගංවතුරට කොටුවෙලා. අතරමග පන්සලක රැය පහන් කරති

Published:

දෙනියාය පල්ලේගම පාසලේ සිසුන් රැගෙන අද (14) උදෑසන කොළඹ ගිය බස් රථ 05ක් ගංවතුර හේතුවෙන් නැවත ආපසු එම පාසලට පැමිණීමට නොහැකිව අතරමඟ නවතා ඇතැයි වාර්තා වේ.

අකුරැස්ස පසුකර ගියවිට හමුවන දීගල පන්සල අසළ මේ බස්රථ සියල්ල නතර කර ඇති අතර පාසල් දරුවන් 300ක් සහ ඔවුන් සමඟ ගිය ගුරුභවතුන් ආරක්ෂිතව විහාරස්ථානයේ සිටින බව තහවුරු කරගත හැකිවිය.

ඔවුන් සියලු දෙනාම සුරක්ෂිතව සිටින බැවින් අනවශ්‍ය කලබල අතිකර නොගන්නා ලෙසත් ගංවතුර බැසගිය පසු දරුවන් රැගෙන බස් රථ පල්ලේගමට පැමිණෙන බවත් එහි සිටින ගුරුවරු කියති.

Related articles

spot_img
error: Content is protected !!