28.9 C
Galle

උසස් පෙළ පිළිතුරු පත්‍ර බැලීම නවතී

Published:

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලින් අද (15) සිට ගුරුවරු ඉවත් වූ බව ඇගයීම් කටයුතුවල නිරත ගුරුවරු කියති.

පිළිතුරු පත්‍ර ඇගයීම් ආරම්භ කිරීමෙන් පසු විභාග දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ට ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් 5,000.00ක අත්තිකාරම් මුදල අද (15) දක්වාම නොලැබීම හේතුවෙන් මෙවැනි තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව නාට්‍ය හා රංග කලාව, පෙරදිග/බටහිර/කර්ණාටක සංගීතය, චිත්‍ර, ගෘහ විද්‍යාව පිළිතුරු පත්‍ර බැලීමෙන් ගුරුවරු ඉත්ව සිටිති. කොළඹ, ගම්පහ සහ කුරුණෑගල ඇගයීම් මධ්‍යස්ථානවල මේ වනවිට පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු නතර වී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා අප විභාග කොමසාරිස් ‍ජනරාල් අමිත් ජයසුන්දර සම්බන්ධ කරගැනීමට ඔහුගේ ජංගම දුකරථනයට ඇමතුම් ගත්ත ද ඊට ප්‍රතිචාර දක්වන්නේ නැත.

විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ සඳහන් කර ඇති ස්ථාවර දුරකථන අංක කිසිවක් ක්‍රියාත්මක නැත.

Related articles

spot_img
error: Content is protected !!