28.9 C
Galle

පොලිසියට රැගෙන ආ කාන්තාවක් මියයයි

Published:

පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට වැලිකඩ පොලිසියට රැගෙන ආ කාන්තාවක හදිසියේ ම රෝගාතුර වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි ආර්.සෙල්වරාසා කුමාරි නමැති 45 හැවිරිදි කාන්තාවකි.

ඇය රාජගිරියේ නිවසක ගෘහ සේවයේ නිරතව සිටිය දී දේපළ සොරකම් කළ බවට පොලිසියට ලැබී තිබූ පැමිණිල්ලක් හේතුවෙන් ඊයේ (14) වැලිකඩ පොලිසියට රැගෙන විත් ඇත.

පොලිසියට රැගෙන ආ අවස්ථාවේ ඇය හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති බව පැවසීම හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දී මියගිය බව පොලිසිය කියයි.

Related articles

spot_img
error: Content is protected !!