29.4 C
Galle

නීති නොතකා සීසර්ලා ජයටම වැඩ

Published:

වාහන සීසර්වරුන් පොලිස්පතිවරයාගේ නියෝග සහ රටේ නීතිය පවා නොතකාහරිමින් පොලිසිය සමඟ එක්ව වාහන බ‍ලහත්කාරයෙන් අත්පත් කරගැනීම තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටින බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය චෝදනා කරයි.

එම සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය සඳහන් කළේ  පොලිස්පතිවරයාගේ නියෝගය සහ 2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණ පනත උල්ලංඝනය කර වාහන පැහැරගැනීම සඳහා රටපුරා පොලිස් ස්ථාන 50කට අධික සංඛ්‍යාවකින් සීසර්වරුන්ට සහය දක්වා ඇති බවයි.

පොලිස්පතිවරයා නව නියෝගය පැනවූ පසුව මාස කීපයක් තුළ වාහන පැහැරගත් සීසර්වරුන් අත්අඩංගුවට ගත් නමුත් මෑතක සිට පොලිසිය සීසර්වරුන්  අත්අඩංගුවට  නොගෙන නඩු පැවරීමක් පමණක් කරන බව ද අසංක රුවන් පොතුපිටිය පෙන්වාදුන්නේය.

Related articles

spot_img
error: Content is protected !!