30.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ ගනුදෙනු 10,680ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 945ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 83ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,823ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 219
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 159
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 80

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 4.5
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 4.4
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 2.3

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඇල්ෆා ෆයර් සමාගම 56%
  • ටෙක්ස් ඇග්‍රෝ සමාගම (X) 14%
  • සෙලින්සිං  සමාගම 08%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව කොටස් මිලියන 1.15ක් රුපියල් 118.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 664,000ක් රුපියල් 140.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 286
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 168

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 111ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 63ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 48ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම ‍රුපියල් මිලියන 21
  • මෙල්ස්ටාකොප් සමාගම රුපියල් මිලියන 13
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 05

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • කෝමර්ෂල් බැංකුව රුපියල් මිලියන 1.6

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!