28.9 C
Galle

රට උණුසුම් වෙයි. ගංවතුර බැසයාමටත් පෙර විපර්යාසයක් ?

Published:

දින කිහිපයක් පුරා ඇදහැළුණු මහ වැසි අවසන් වී ගංවතුර බැස යාමටත් පෙර දැඩි උණුසුම් කාලගුණ තත්වයක් පිලිබඳ ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

හෙට (17) උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උනුසුම් දර්ශකය මිනස් සිරුරට අවධානය යොමු කළ යුතු මට්ටමට පත්වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුව නිසා වැඩි වේලාවක් හිරු එළියට නිරාවරණය නොවන ලෙසත්, එළිමහනේ වැඩ කිරීමේ දී පරෙස්සම්වන ලෙසත් දැනුම් දෙයි. අධික උණුසුම හේතුවෙන් විජලනය සහ ලවණ වෙනස්වීම් නිසා මස්පිඬු පෙරළිය හැකි බවත් හැකිතාක් ජලය පානය කරන ලෙසත් දැනුම් දී ඇත.

Related articles

spot_img
error: Content is protected !!