28.9 C
Galle

මන්ත්‍රී පැදවූ රියේ ගැටී තාත්තාත්, පුතාත් අවසන් ගමන් යති

Published:

මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ගාමිණී විජේබණ්ඩාර විසින් ඊයේ (16) රාත්‍රී පදවාගෙන ගිය ජීප් රථයක ගැටීමෙන් පිය පුතු දෙදෙනකු මියගොස් ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පදිංචි චන්ද්‍රික සම්පත් රුද්‍රිගු (41) සහ ඔහුගේ පුතා විමන්ත රුද්‍රිගු (11) නමැති පාසල් සිසුවෙකි. මෙම අනතුර සිදුව ඇත්තේ පදික මාරුවේ දී ය. අනතුර වූ ස්ථානයේ ම පිය‍ා මියගොස් සිටි බවත්, බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු පුතා මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.

අනතුරින් පසු මන්ත්‍රීවරයා විසින් ම ඔවුන් රෝහලට රැගෙන ගොස් ඇති බවත්, රිය පැදවූ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!