30 C
Galle

එක්ස්ප්‍රස් පර්ල් වන්දිය ඉල්ලා නඩු පවරයි

Published:

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී ගිනිගෙන විනාශවීම සම්බන්ධයෙන් හිමිකම් පෑමේ ඉල්ලීමේ දී ඒ පිළිබඳ නඩු සම්මන්ත්‍රණ විභාගය මැයි 15 වැනි දා සිංගප්පූරු මහාධිකරණයේ සාමාන්‍ය අංශය හමුවේ කැඳවන ලද බවත් එම නඩුව පිළිබඳ වැඩිදුර පසු විපරම ජුනි මස 01 වැනි දා පැවැත්වෙන බවත් අතිරේක සොලිස්ටර් ජනරාල් (පරිපාලන) චේතිය ගුණසේකර පවසයි.

විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම ඉල්ලීම ‍ගොනුකර තිබී ඇත්තේ පසුගිය අප්‍රේල් 25 වැනි දා ය. මෙම නඩුව පවත්වාගෙන යාම සඳහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් සිංගප්පූරු නීති සමාගමක් පත්කර ඇත.

සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණයෙහි (SICC) නීතිරීති මත පදනම්ව සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණය (SICC) වෙත නඩුව මාරු කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මේ වනවිට සලකා බලමින් සිටී.

අනතුරු දායක ද්‍රව්‍ය සහිත කන්ටේනර් 81ක්, නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක්, ඉන්ධන ටොන් 348ක් සහ ප්ලාස්ටික් නිෂ්පාදන අමුද්‍රව්‍ය කැට බිලියන 75ක් සහිත කන්ටේනර් 1,488ක් සහිතව එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය ආසන්න මුහුදේ 2021 මැයි මස 20 වැනි දා ගිනිගෙන විනාශ වී ගිලී ගියේය.

මෙම නෞකාව ගිලීයාමෙන් ඉන් පිටවූ විෂ සහිත අපද්‍රව්‍ය ටොන් ගණනක් ශ්‍රී ලංකා වෙරළ තීරයට ගොඩගැසූ අතර කැස්බෑවුන්, තල්මසුන් ඇතුළු මියගිය මුහුදු ජීවින්ගේ මළ සිරුරු ද විශාල වශයෙන් වෙරළට ගොඩගසා තිබිණි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විනාශය හඳුන්වන්නේ ලෝකයේ සිදුවූ විශාලතම සමුද්‍ර දූෂණ අනතුර ලෙසයි.

Related articles

Recent articles

error: Content is protected !!