28.9 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 7,653ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 698ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 0.2ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,823ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියනය 120
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 94
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 59

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 05
  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම කොටස් මිලියන 3.8
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 3.6

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඇල්ෆා ෆයර් සමාගම 48%
  • නේෂන්ස් ලංකා සමාගම 25%
  • සතොස මෝටර්ස්  සමාගම 22%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ටෙකස්චර්ස් ජර්සි සමාගම කොටස් මිලියන 3.8ක් රුපියල් 31.60 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 289
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 191
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 168

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 232ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 219ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 13ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 07
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 5.9
  • බුකිට්ධාරා සමාගම රුපියල් මිලියන 3.2

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ඇක්සස් ඉන්ජිනියරින් රුපියල් මිලියන 3.8

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!