29.4 C
Galle

ජල නල තොගයක ගින්නක්. ව්‍යාපෘතිය විවෘත කරන්නේ හෙට

Published:

අරණායක අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතිය සඳහා ගෙන එන ලද ජල නල තොගයක් අද (19) සවස ගිනිගෙන තිබේ.

මෙම ව්‍යාපෘතිය හෙට (20) දිනයේ විවෘතකිරීමට නියමිතව තිබිණි.

රුපියල් කෝටි ගණනක් වටිනා ජල නල අරණායක, උස්සාපිටිය මහජන ක්‍රීඩාංගණයේ ගොඩගසා තිබී ඇති අතර ගින්න හටගෙන ඇත්තේ එම බට තොගයේය.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගිනිනිවන ඒකකය පැමිණ ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබිණි.

මෙම ජල නල තොගය ගිනිගත්තේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් ‍හේතුවෙන් ද යන්න පිළිබඳ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!