29.4 C
Galle

බස්නැවතුමේ සිටි සිසුවිය ජීප් රථයට යටවී මරුට

Published:

කුරුණෑගල, උහුමීය, ඩී.එස්.සේනානායක විද්‍යාලය අසළ බස් නැවතුමේ සිටි සිසුවියක අද (20) රිය අනතුරකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ උහුමීය ඩී.එස්.සේනානායක විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අමෝද්‍යා සිතුමිණි රාජගුරු නමැති 17 හැවිරිදි සිසුවියකි. එම සිසුවිය උහුමීය, රත්මලේ උයන පදිංචිව සිටි අයෙකි.

ඇය බස් රථයක් එනතුරු සිටිය දී ජීප් රථයක් එහි කඩා වැදී මේ අනතුර සිදුව ඇත. පොලිසිය සඳහන් කරන්නේ රියදුරාට නින්දයාම හේතුවෙන් මේ අනතුර සිදුවන්නට ඇති බවයි.

පිළියන්දල, ගෝනමඩිත්ත ප්‍රදේශයේ පදිංචි රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පුෂ්පකුමාර ජයරත්න

Related articles

spot_img
error: Content is protected !!