26.2 C
Galle

බීමත්ව සිටි පාසල් සිසු සිසුවියන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

Published:

මත්පැන් පානය කර අශෝබන ලෙස හැසිරෙමින් සිටින බවට ලැබුණු පැමිණිල්ලකට අනුව පාසල් සිසුවියන් දෙදෙනකු, පාලස් සිසුවකු ඇතුළු 06 දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ටාස අපරාධ විමර්ශන අංශය පවසයි.

අත්අඩංගුවට ගත් අය අතර තරුණියක සහ තරුණයන් දෙදෙනකු ද සිටින බව පොලිසිය සඳහන් කළේය.

පානදුරේ සංචාරක ‍හෝටලයක් අසළ පිරිසක් මත්පැන් පානය කර අශෝභන ලෙස හැසිරෙන බවට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව පොලිසිය එහි යන විට ඔවුන් මෝටර් රථයකින් පිටව යාමට උත්සාහ ගෙන ඇත. රථය පැදවීමට සූදානම් වූ තරුණයා බීමත්ව සිටි බැවින් සියලු දෙනාම පොලිසියට රැගෙන ආ බව පොලිස් නිලධාරීන්න පවසයි.

බාලවයස්කාර පාසල් සිසුවියන් දෙදෙනා සහ පාසල් සිසුවා තම අනන්‍යතාව තහවරු කිරීමට අකමැති වූ බැවින් ඔවුන් පිළිබඳ තවදුරටත් විමර්ශන සිදුකරන බව ද පොලිසිය කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!