29.4 C
Galle

ජල සම්පාදන රියදුරකු ලක්ෂ 45ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

Published:

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගයකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අද (20) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ලයේ මූලස්ථාන රියදුරකු ලෙස සේවය කළ  37 හැවිරිදි පුද්ගලයෙකි. 

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 45කට අධික වටිනාකමකින් යුතු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 365ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පොලිසියට ලැබුණු ඔත්තුවකට අනුව මග්ගොන ඉන්ධන පිරවුම්හළ අසළ දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.  

Related articles

spot_img
error: Content is protected !!