29.4 C
Galle

පොලිස් වෙඩිල්ලෙන් පාසල් සිසුවකුට තුවාල

Published:

පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් ගම්පොළ, පන්විලතැන්නේ නිවසක සිටි පාසල් සිසුවකු තුවාල ලබා ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

එම නිවසේ සිටි බල්ලෙකු ද වෙඩි වැදීමෙන් මියගොස් ඇති අතර නිවසේ වහළයේ සහ ස්ථාන කිහිපයක වෙඩි පහර දක්නට ඇති බව ද ප්‍රදේශවාසීහු කියති.

අද (21) අලුයම 5.40 ට පමණ ගම්පොළ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාාරීන් පිරිසක් මෙම නිවස පරීක්ෂාකිරීමට ගොස් වෙඩි තැබීම සිදුකර ඇතැයි වාර්තා වේ. පොලිසිය පවසන්නේ මියගොස් ඇති රොට්වයලර් වර්ගයේ බල්ලා සපාකෑමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා ඇති වයි. ඔවුන් දෙදෙනා රෝහල්ගතකර ඇත.

මෙම නිවසේ නීති විරෝධී මත්පැන් ඇති බවට ලද තොරතුරකට වැටලීම සිදුකර ඇති අතර එහිදී සුනඛයා සපා කෑම නිසා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.  එසේ වුව ද නිවසේ තිබී පොලිසිය කිසිදු සැකකටුයතු දෙයක් සොයාගෙන නැත.

මේ වනවිට ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව දැඩිකර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!