26.1 C
Galle

ඕස්ට්‍රේලියා වෙරළේ ශ්‍රී ලාංකික තරුණයකුගේ මළ සිරුරක්

Published:

මියගිය ශ්‍රී ලාංකික තරුණයකුගේ මළ සිරුරක්, ඊයේ (21) පස්වරුවේ ඕස්ට්‍රේලියාවේ ට්‍රැන්මියර් නගරය ආසන්න වෙරළේ තිබී සොයාගත් බව ඕස්ට්‍රේලියානු පොලිසිය මාධ්‍යයට දැනුම් දී තිබේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 18-25ත් අතර තරුණයකු බවත් ඔහුගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නැති බවත් වාර්තා වේ.

මියගිය පුද්ගලයා වෙනත් ස්ථානයක දී මුහුදට වැටී මළ සිරුර වෙරළට පාවී එන්නට ඇතැයි විශ්වාස කරන බව පොලිසිය පවසා තිබේ.

මරණය සැක සහිත මරණයක් නොවන බවත් එසේ වුව ද ඒ සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකරන බව ඕස්ට්‍රේලියානු පොලිසිය ප්‍රකාශ කරයි.

Related articles

Recent articles

error: Content is protected !!