29.4 C
Galle

සිසුවකුගේ අතක් පිළිස්සූ කට්ටඩි හාමුදුරුවෝ අත්අඩංගුවට

Published:

ග්‍රහ අපල දුරුකිරීමට යැයි කියමින් 13 හැවිරිදි පාසල් සිසුවකුගේ අත්ලමත දැල්වෙන කපුරු තබා පුළුස්සා බරපතල පිළිස්සුම් තුවාල සිදු කළ බෞද්ධ භික්ෂුවක් අත්අඩංගුවට ගත් බව වීරවිල පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩිවිල, ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති තෙලිජ්ජවිල සරණ නමැති භික්ෂුවකි.

පොලිසිය පවසන්නේ මෙලෙස බරපතල පිලිස්සුම් තුවාල ලැබූ දරුවා තම මිත්තණිය සමඟ ජීවත් වෙමින් වීරවිල නව නගරයේ පාසලක ඉගෙනුම ලබන බවයි.

දරුවාට අපල ඇති බව කියමින් මිත්තණිය විසින් ඔහුගේ කේන්දරය බැලීමට යැයි කියමින් මෙම සැකකාර භික්ෂුව හමුවීමට කැඳවාගෙන ගොස් ඇති අතර එහි දී ඔහු දරුවාගේ අත්ල මත කපුරු තබා පුළුස්සා තිබේ.

සැකකාර භික්ෂුව ජ්‍යොතිෂවේදියකු බවත්, යක්ෂ බල පළවාහරින බවත් පවසමින් විවිධ කට්ටඩි වැඩ කරන අයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත.

Related articles

spot_img
error: Content is protected !!