29.4 C
Galle

හාවාඑළියේ පුද්ගලයකු සොයා වනය පීරති

Published:

නුවරඑළිය, හාවාඑළිය ප්‍රදේශයේ පුද්ගලයකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 49ක පුද්ගලයෙකි. ඔහු හාවාඑළිය ගාඩ්වත්ත රක්ෂිතයට දර කැඩීම සඳහා ඇතුළු වී ඇති අතර නැවත ‍‍නොපැමිණීම නිසා පවුලේ සාමාජිකයන් විසින් ඒ බව පොලිසියට දැනුම් දී තිබේ.

ඊයේ (21) සවස පොලිසිය, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් පුද්ගලයා සොයා මෙහෙයුමක් දියත් කර ඇති අතර රක්ෂිතයේ තිබී ඔහුගේ යැයි පාවහන් යුගලක් සහ කබායක් හමුවී තිබේ. පොලිසිය නිල සුනඛයන් ද යොදා පිරික්සුම් ආරම්භ කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!