29.4 C
Galle

කොස්ගම අනතුරකින් දෙදෙනකුට දිවි අහිමිවෙයි

Published:

කන්ටේනර් ප්‍රවාහනය කරමින් තිබූ රථයක් සහ ත්‍රී රෝද රථයක් ඊයේ (21) සවස හයිලෙවල් මාර්ගයේ දී කොස්ගම අලුත්අම්බලම ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමෙන් දෙදෙනකු මියගොස් එක් අයකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ත්‍රී රෝද රථය කොස්ගම සිට අවිස්සාවේල්ල දෙසට ගමන් කර ඇති අතර ට්‍රක් රථය විරුද්ධ දිශාවට ධාවනය කර තිබේ. අනතුරට ලක් වූ රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.  

Related articles

spot_img
error: Content is protected !!