29.4 C
Galle

ශ්‍රී ලංක‍ාවේ තෙල් වෙළෙඳ පොළෙන් කොටසක් සයිනෝපෙක් සමාගමට දෙයි

Published:

සයිනෝපෙක් සමාගමට ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීම, ගබඩාකිරීම සහ ආනයනය කිරීම සඳහා අවසර ලබාදෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ එම සමාගම අතර අද (22) ගිවිසුමක් අත්සන් කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ද සහභාගීත්වයෙන් අත්සන් කරන ලද එම ගිවිසුම අනුව ඉදිරි වසර 20ක කාලයක් සඳහා මෙතෙක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා ඉන්ධන බෙදාහැරීම් සිදකළ ඉන්ධන පිරවුම් හල් 150ක මෙහෙයුම් එම සමාගමට හිමිනව අතර තවත් නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපිත කිරීමට ද අවසර ලැබෙයි.

ඒ අනුව ඉදිරි දින 45 ඇතුළත සයිනොපෙක් සමාගම සහ ඔවුන්ගේ අනුබද්ධ සමාගම් ශ්‍රී ලංකාවේ ඉන්ධන සම්බන්ධ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!