29.4 C
Galle

ශ්‍රී පාද වෛද්‍ය පීඨයේ පැතිරයන උණ රෝගය ගැන පරීක්ෂණයක්

Published:

ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යාසලාභීන් 92ක් උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස හේතුවෙන් ප්‍රතිකාර ලබාගත් බව කොටගල ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනී සාවිත්‍රි ශර්මා පවසයි.

ඇය වැඩිදුරටත් කියා සිටියේ ඉන් 10 දෙනකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

මෙම උණ රෝගය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස වෛද්‍යවරිය විසින් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෙත ඉල්ලීමක් ද කර තිබේ. කොගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාාරී කේ. සුදර්ශන් ද අද (22) එම විද්‍යාපීඨයට ගොස් පැතිරයන වයිරස් රෝගය සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා ඇත.

දැනට රෝගී තත්වයේන පසුවන කිහිප දෙනකුගෙන් රුධිර සාම්පල ලබාගෙන ඇති බව ද වාර්තා වේ. කෙසේ වෙතත් රෝගීව සිටින ගුරු අභ්‍යාසලාභීන්ගේ තත්වය බරපතළ නොවේ යැයි වෛද්‍යවරු කියති.

Related articles

spot_img
error: Content is protected !!