29.4 C
Galle

පන්සල් සෙල්ලම් ගැන වාර්තාවක් කැඳවයි

Published:

බෞද්ධ විහාරස්ථානවල සිදුවන ළමා අපචාර, පරහදීම්, කායික සහ වාචික හිරිහැරකිරීම් සහ ලිංගික අපයෝජන සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විශේෂ වාර්තාවක් සකස්කරමින් සිටින බව වාර්තා වෙයි.

විශේෂයෙන් ම මෙහි දී සාමනේර භික්ෂූන් මුහුණ පාන ගැටලු කෙරෙහි අවදානය යොමුකර ඇත.

මේ අතර, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA) සභාපති උදයකුමාර අමරසිංහ පසුගියදා ප්‍රකාශ කළේ විහාරස්ථානවල සාමණේර හිමිවරුන් අපයෝජනය කළ බවට චෝදනා එල්ල වන වැරදිකරුවන්ට එරෙහිව ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් දැනටමත් පියවර ගෙන ඇති අතර අපරාධ වරදක් සිදුවී ඇත්නම් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසියට උපදෙස් ලබාදී ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!