26.1 C
Galle

හොර පාස්පෝට්වලින් රටට රිංගූ චීන ජාතිකයා පිටුවහල්

Published:

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිතා කරමින් මෙරටට පැමිණි චීන ජාතිකයා පිටුවහල් කරන්න යැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ආගමන විගමන පාලකවරයාට දැනුම් දී ඇත.

එම චීන ජාතිකයා මෙරටට ඇතුළු වෙද්දී ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කර තිබූ අතර ඇමති අරුන්ධික ප්‍රනාන්දු විසින් ඔහු ආයෝජකයකු බව දැනුම් දෙමින් ලිපියක් නිකුත් කිරීම හේතුවෙන් ඔහුට රටට ඇතුළුවීමට අවස්ථාව දී තිබිණි.

ඊයේ (22) මෙම චීන ජාතිකයා ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබාගත් අතර ඉන් පසු ඔහු ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට කටයුතු කර තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!