29.4 C
Galle

බඹරු පාසලක් වසා දමති. සිසුන් ඇතුළු 11ක් රෝහලේ

Published:

බඹරුන් ඇනීම හේතුවෙන් බණ්ඩාරවෙල ඕබඩැල්ල විද්‍යාලයේ සිසුන් 06 දෙනෙක් සහ දෙමාපියන් 05 දෙනකු අද (24) උදෑසන රෝහල්ගත කර ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය කියයි.

පාසල ආසන්නයේ ඉඩමක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම දෂ්ඨ කිරීම සිදුව ඇත.

බඹරුන් ඇවිස්සීම නිසා කලාප අධ්‍යාපන කාර්යාලයේ අනුමැති ඇතිව පාසල අද (24) දිනය සඳහා වසා දමා සිසු සිසුවියන් ආපසු නිවෙස්වලට යවා තිබිණි.

රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ දෂ්ඨ කිරීමට ලක්වූ අයගේ තත්වය අසාධ්‍ය නොවන බවයි.

Related articles

spot_img
error: Content is protected !!