29.4 C
Galle

සමාජ මාධ්‍ය බොරුවට රැවටී, රඟපාන්න ගිය සිසුවෙක් අමාරුවේ

Published:

පාසල අවසන් වී ඊයේ (23) නිවසට යමින් සිටිය දී වෑන් රථයකින් පැමිණි පිරිසක් තමන් පැහැරගැනීමට තැත් කළ බවත්, ඔවුනගෙන් බේරී පළායාමට හැකි වූ බවත් කියමින් 11 හැවිරිදි පාසල් සිසුවකු නාරාහේන්පිට පොලිසියට බොරු පැමිණිල්ලක් කර තිබිණි.

මෙම පැමිණිල්ල විමර්ශනය කිරීමේ දී එය අසත්‍ය පැමිණිල්ලක් බව දැනගත් පොලිසිය දරුවාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගෙන දැඩි සේ අවවාද කර ඔහු දෙමාපියන්ට භාර දී ඇත.

ළමුන් පැහැර ගැනීමේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන ප්‍රකාශ දැක මෙවැනි බොරුවක් නිර්මාණය කළ බව එම සිසුවා පොලිසියට ප්‍රකාශ කර තිබේ.

බම්බලපිටිය ප්‍රදේශයේ විදුහල ඉගෙනුම ලබන ඔහු නිවසට දිවගොස් පවසා ඇත්තේ කිසියම් පිරිසක් තමන් පැහැරගෙන යාමටට උත්සාහ ගත් බවයි. එම දැනුම් දීම අනුව ඔහුගේ පියා වහාම ක්‍රියාත්මක වී ඔහු සමඟ නාරාහේන්පිට පොලිසියට ගොස් පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

එම පැමිණිල්ල අනුව විමර්ශනය කිරීමේ දී ඔහු පවසන ස්ථානය අවට සීසීටීවී කැමරාවල එවැනි සිද්ධියක් සම්බන්ධ කිසිම හෝඩුවාවක් නොතිබූ බැවින් දරුවාගෙන් විස්තර ඇසීමේ දී තමන් කීවේ බොරුවක් බව ඔහු පිළිගෙන තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!