29.4 C
Galle

පොලිසියට පහර දී රාජකාරියට බාධා කළා යැයි කාන්තවක ඇතුළු තිදෙනකු අත්අඩංගුවට

Published:

පොලිසියට පහර දුන්නා යැයි සැකපිට කාන්තාවක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි.

ඊයේ (24) පෑලියගොඩ දී හිස් වැසුම් නොමැතිව යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයකු රාජකාරියේ යෙදී සටි රථවාහන පොලිස් නිලධාරියකු විසින් නවතා තිබේ. එම අවස්ථාවේ එතැනට පැමිණි කාන්තවක් පොලිස් නිලධාරියා සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇති අතර නිලධාරියාට පහරදීමක් සිදුව ඇතැයි ද පොලිසිය පවසයි.

පහරකෑමට ලක් වූ බව කියන පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර සැකපිට එම කාන්තාව ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අද (25) අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!