29.4 C
Galle

පළමු ශ්‍රේණියේ සිසුවකු මත්කර, අපයෝජනය කළා යැයි දෙදෙනකු රිමාන්ඩ්

Published:

පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන 06 හැවිරිදි පිරිමි දරුවකුට මත්ද්‍රව්‍ය දී මත්කර, අපයෝජනයට ලක්කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකු රිමාන්ඩ් කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී.තේනබදු නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ දිවුලපිටියේ, මිල්ලගහවත්ත සහ පින්නලන්ද වත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

දරුවාගේ මව පවුල හැරගොස් ඇති බවත් පියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවත් ඒ නිසා දරුවා ජීවත්වන්නේ මිත්තණියගේ රැකවරණයේ බවත් අධිකරණයේ දී අනාවරණය විය. දරුවා අපයෝජනයට ලක්කර ඇත්තේ පියාගේ මිතුරන් දෙදෙනකු විසිනි.

රිමාන්ඩ් කළ සැකකරුවන් දෙදෙනා සමාජ රෝග සහ මානසික රෝග සායනයකට ඉදිරිපත් කර වෛද්‍ය වාර්තා ලබාගන්නා ලෙසද අධිකරණය විසින් බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කෙරිණි.

දිවුලපිටිය පොලිසිය අධිකරණයේ දී කියා සිටියේ දරුවා ඔහුගේ නිවස තුළ දී ම මත්කර අපයෝජනයට ලක්කර ඇති බවයි. එම දරුවා මේ වනවිට මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

Related articles

Recent articles

error: Content is protected !!