28.3 C
Galle

සාමාන්‍ය පෙළ සිසුන් 06ක් අත්අඩංගුවට, අරණායක ගින්න ඔවුන්ගේ වැඩක් යැයි සැකයක්

Published:

අරණායක අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය සඳහා ගෙනවිත් තිබූ ජලනල තොගයක් ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් සිසුන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමට පෙර මෙම ගිනිගැනීම සිදුවිය. ඒ සම්බන්ධයෙන් කරන ලද මූලික විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ එය කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි. ඒ අනුව පාසල් සිසුන් 06 දෙනකුගෙන් ප්‍රශ්න කර ඇති අතර ප්‍රදේශයේ ම පාසලක ඉගෙනුම ලබන ඔවුන් මෙම සිද්ධියට සම්බන්ධ බව අනාවරණය වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!