28.3 C
Galle

අකුණක් වැදී, 1990 රියදුරා සහ ඔහුගේ සොහොයුරා මරුට

Published:

වැස්සෙන් බේරීම සඳහා වෙල්යායක මඩුවකට වී සිටි 1990 ගිලන්රථ රියදුරකු සහ ඔහුගේ සොහොයුරා අකුණු සැර වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගෝනගංආර, දෙයියන්නේවෙල, ඇලෙවත්ත පදිංචි ඩබ්ලිව්.එම්.සිතාර මධුවන්ත (34) නමැති ගිලන්රථ රියදුරා සහ මහවෙල, වගුරුවෙල, බුත්තල ලිපිනයේ පදිංචි ඩබ්ලිව්.එම්. චමින්ද බණ්ඩාර (32) නමැති ඔහුගේ සොහොයුරාය.

ඔවුන් දෙදෙනා තවත් පිපරිසක් සමඟ එක්ව අද (28) යන්ත්‍රයක් යොදා ගනිමින් මහවෙල්යායේ ඇළක තණකොළ කපමින් සිටිය දී වර්ෂාව හටගෙන තිබේ. මේ වැස්සෙන් බේරීම සඳහා අයියා සහ මල්ලී වෙල්යායේ තිබූ මඩුවකට දිවගොස් ඇති අතර අනෙක් පිරිස වෙනත් දෙසකට ගොස් ඇත.

ටික වේලාවකින් අකුණක් පුපුරා ගොස් ඇති අතර ඒ සමඟ වෙල්යායේ ඇති මඩුව ගිනිගෙන තිබේ. මියගිය දෙසොහොයුරන්ගේ මව ගින්න දැක ප්‍රදේශවාසීන්ගේ උදව් ඉල්ලා ඇති අතර අකුණු පහර සමඟ තරුණයන් දෙදෙනා මඩුවේ වැටී සිටි බවත්, චමින්ද බණ්ඩාරගේ සිරුරට ද ගිනි ඇවිලී තිබූ බවත් පොලිසිය කියයි.

Related articles

spot_img
error: Content is protected !!