28.3 C
Galle

මෛත්‍රීගේ සොහොයුරා සතු රුපියල් කෝටියක රන් මුද්දක් අතුරුදන්, ඩොලර් තොගයකුත් නැතිවෙලා

Published:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයකු සතු රුපියල් කෝටියක් වටිනා රන් මුද්දක්, ඩොලර් 5,000ක් සහ රුපියල් ලක්ෂයක් සොරකම් කර ඇතැයි පොළොන්නරුව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ සොහොයුරකු වන චමින්ද සිරිසේන පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ තමන්ගේ රන් මුද්ද පවුම් 06ක් බරැති බවයි. එහි නිල් මැණික් ඔබ්බවා තිබූ බව ද සඳහන් කර ඇත.

පොළොන්නරුවේ ඇතුමල්පිටිය ප්‍රදේශයේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තිබිය දී මුද්ද සහ මුදල් සොරකම් කර ඇති බව පැවසේ.

පොළොන්නරුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!