28.3 C
Galle

වෛරී ප්‍රකාශ කළා යැයි සැක භික්ෂුව රිමාන්ඩ්

Published:

ආගමික සහජීවනයට බාධා සිදුවන ආකාරයේ වෛරී ප්‍රකාශ කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරතන නමැති බෞද්ධ භික්ෂුව ලබන මස 07 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (29) නියෝග කළේය.

පාහියන්ගල ආනන්දසාගර හිමි විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (29) අනුරාධපුරයේ දී ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික විද්‍යාගාර අංශයෙන් අධිකරණයට කරුණු වාර්තාකර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!