28.3 C
Galle

පාසල් දියණියගේ පෙම්වතා පැහරගෙන පහරදුන් දෙමාපියන් අත්අඩංගුවට

Published:

තම දියණියගේ පෙම්වතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පියා, මව සහ ඔවුන්ගේ හිතවතකු කටු‍ගස්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් වූ පාසල් සිසුවෙකි. ඔහු පුද්ගලික පන්තියක් අවසන් වී 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක සමඟ පාළු පාරක් දිගේ ගමන් කරමින් සිටිය දී එම හිෂ්‍යාවගේ පියා තවත් මිතුරකු සමඟ මෝටර් රථයකින් පැමිණ සිසුවා සහ සිසුවිය එහි නංවාගෙන කටුගස්තොට යටිවාවල ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් ඇත.

පොලිසිය සඳහන් කරන්නේ එම නිවසේ දී සිසුවාට, සිසුවියගේ පියා, මව සහ පියාගේ මිතුරා එක්ව පහර දී ඇති බවයි. පහරදීමෙන් අනතුරව එම සිසුවාට තර්ජනය කර නිත්තවල ප්‍රදේශයේ නිවසට ගොස් ඇරලවා තිබේ.

පහරකෑමට ලක් වූ සිිසුවා පේරා‍දෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටින අතර කටුගස්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!