28.3 C
Galle

ඉන්දන කෝටාව වැඩිකරන අයුරු මෙන්න

Published:

ඉන්ධන කෝටාව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව යතුරුපැදියක් වෙනුවෙන් සතියක් සඳහා මෙතෙක් ලබාදුන් ඉන්ධන කෝටාව ලීටර 07 සිට 14 දක්වා වැඩි කරයි. මගී ප්‍රවාහන ත්‍රී රෝද රථයක් සඳහා සතියකට ලීටර 15ක් ලෙස මෙතෙක් පැවති කෝටාව ලීට 22ක් දක්වා ඉහළ දමා තිබේ. සාමාන්‍ය ත්‍රී රෝද රථයක් සඳහා ලබාදුන් ලීටර 08ක ඉන්ධන කෝටාව ලීටර 14ක් දක්වා ද වැඩිකර ඇත.

මෝටර් රථ සඳහා ලබාදුන් ඉන්ධන කෝටාව මෙතෙක් පැවතිියේ ලීටර 30ක් ලෙසිනි. එය ලීටර 40ක් දක්වා ඉහළ දමා ඇත. බස් රථ සඳහා ලීටර 60ක් ලෙස පැවැති ඉන්ධන කෝටාව අද සිට ලීටර 125ක් දක්වාත් ලොරි සඳහා ලීටර 75ක් ලෙස පැවැති කේටාව ලීටර 125ක් දක්වාත් ඉහළ දමා තිබේ.

Related articles

spot_img
error: Content is protected !!